අ/නෑගම්පහ මහා විද්‍යාලයයේ පෙබරවාරි මස 28 වන දින සුවිශේෂි උත්සවයක් පැවත් වුනි.
එනම් අප විදුහලේ ශිෂ්‍ය නායක / නායිකවන්හට නිල ලාංජන පැලද වීමේ උත්සවයයි. එදින අප පාසලේ ශිෂ්‍ය නායක / නායිකා නිල ලාංජන පැලදවීමේ උත්සවයට ගලන්නෑව කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂක තුමිය පැමිණි අතර ඇය සාදරයෙන් පිළිගත්තෙමු. පලමුව පොල්තෙල් පහන දල්වා අප උත්සවය ආරම්භ කලේය. ඉන්පසු අප පාසලේ විදුහල්පති තුමා විසින් උත්සවයේ අරමුණු පැහැදිලී කිරීම සිදු කළා. ඉන් පසු පළමු කාණ්ඩය යටතේ ශිෂ්‍ය / ශිෂ්‍ය නායිකාවන්ට නිල ලාංජන පැලදුවේය. ඉන් පසු අප පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් අලංකාර විශේෂාංග ඉදිරිපත් කලේය. ඉන් පසු දෙවන කාණ්ඩයේ ශිෂ්‍ය නායක / නායිකාවන්ට ඉන් පසු නිල ලාංජන පැලදුවේය. ඉන් පසු තවත් ශිෂ්‍ය/ ශිෂ්‍යා යාවන්ගේ තවත් විශේෂාග ඉදිරිපත් කළේය. ඉන්පසු ගරු විදුහල්පති J.M ජයන්ත වන්නිනායක ගරු විදුහල්පතිතුමන්ගේ කතාවෙන් පසු ගල්නැව කොට්ඨාශ ආධ්‍යාපන අධ්‍යක්ෂතුමිය විසින් කතාව කිරීමෙන් පසු නියෝජ්‍ය විදුහල්පති D.M.A දිසානායක මහතාගෙ ස්තුති කතාවෙන් පසු එදීන එම විශේෂී වැඩසටහන ඉතාමත් සාර්ථක ලෙස සොදුරු මතක සටහන් තබමින් නිමා විය.