2023.03.20 දින අ/නෑගම්පහ මහා විද්‍යාලයේ විසින් පවත්වනු ලැබූ ගල්නැව ප්‍රාදේශීය කොට්ඨාශයේ නිපුණතා හා මානව සම්පත් අධිකාරිය විසින් පවත්වනු ලැබූ
මෙම වැඩසටහන අ.පො.ස සා.පෙළ හා අ.පො.ස උ.පෙළ සිසුන් සදහා විශේෂයෙන් පැවැත්වුණු අතර 09,10,11 ශ්‍රේණි සදහාද මෙම වැඩසටහන පැවැත්වුනි. එහිදී අ.පො.ස ස.පෙළ හා අ.පො.ස උ.පෙළ සමත් සිසුන් සදහා මෙන්ම අසමත් සිසුන් සදහාද මෙම වැඩසටහන පැවැත්වුණි. මෙහිදී විභාගයෙන් පසු අවශ්‍ය රැකියා උත්පාදනය සදහා මෙන්ම ජීවිතය සාර්ථක කරගැනීමේ අරමුණින් සිටින සියලුම දෙන හට ඉතාමත් වැදගත් වන මෙම වැඩසටහන ඉතාමත් සාර්ථක අයුරින් පැවැත්වුනි. මින් ලෝකය පිලිබදව තම ජීවිතය පිලිබදව අත්දැකීමක් හෝ නොමැති තවද ජීවිතය දිනාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින සියලුම සිසුන් සදහා මෙය ඉතාමත් විශේෂ අයුරින් වැදගත්වන මෙම වැඩසටහන අනාගතයේ නව නිපැයුම් නව රැකියා උත්පාදනය සදහා ද ඉතාමත් වැදගත් වේ. එහිදී සිසුන් සදහා උපදෙස් දීම සදහා පැමිණි එම නිලධාරීන් දේපල මගින් ලබාදුන් උපදෙස් මගින් අනාගතය අලංකාර කර ගැනීමට හා සාර්ථක කරගැනීමට මහගු පිටුවහලක් ලැබේ යැයි අපි බලාපොරොත්තු වෙමු.